Cryptocurrency මාතෘකාව දැනට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය දෙයක් නොවුනත් අද වන විට බොහෝ දෙනා කතා කරන දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ Cryptocurrency ආරම්භ කල මුල් කාලයේ ඉතාම සුලු ගනන් වලට තිබුන Cryptocurrency Coin මේ වන විට විශාල ලෙස මිල ඉහල යෑම ඒ වගේම තමයි Cryptocurrency වල භාවිතා වන තාක්ෂනය. උදාහරනයක් විදිහට Bitcoin කියන Cryptocurrency එක ගන්න පුලුවන් මේක 2009 ආරම්භ කරන කොට තිබුනේ ලංකා මුදලින් රුපියල් 100 කටත් අඩුවෙන් පසුගිය මාසයක මිල ලංකා මුදලින් රුපියල් 10000000 ටත් වඩා ඉහල මිලක් සදහන් වෙලා තිබුනා. මෙන්න මේ කියන හේතු නිසා බොහෝ පිරිසක් මේ වන විට Cryptocurrency වල ආයෝජනය කරනවා. මේ ලිපිය බලන ඔයාටත් Cryptocurrency වල ආයෝජනය කරන්න හිතිල ඇති ඉතින් අද මේ ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව තුල Cryptocurrency අනාගතය සහ මේ සදහා පනවා ඇති නීති වගේම කොහොමද ලංකාවේ ඉදන් හරි විදිහට Cryptocurrency වල ආයෝජනය කරන්නෙ කියලා.
හොදයි එහෙමනම් මුලින්ම බලමු මොකක්ද Cryptocurrency කියන්නේ කියල. Cryptocurrency කියල කියන්නේ Digital Currency එහෙමත් නැත්නම් virtual currency එකක් මේක Run වෙන්නේ Digital Method එකකට. ඒකට කියන්නේ Blockchain Technology කියල මේ Technology එක ක්‍රියාත්මක වෙන්නේ Decentralized Network එකක් තුල ඒ කියන්නේ මෙතනදී Central Authority එකක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ එතකොට මේ Network එක පාලනය කරන්නේ Network එක භාවිතා කරන අය විසින්මයි.මේ අය හදුන්වන්නේ Miners කියලා මම මේ miners ගැන සහ mining ගැන වෙනම ලිපියකින් කතා කරන්නම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් ලංකාව තුලනම් රුපියල් ඇමරිකාව තුලනම් ඩොලර් එහෙමත් නැත්නම් මේවා හදුන්වනවා Fiat Currency විදිහට. ඒ වගේම තමයි මේ fiat currency ක්‍රියාත්මක වෙන්නේ Decentralized Network එකක මෙතනදී Central Authority එකක් ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ අපට මේ ක්‍රමයේදී බැංකුවක් හෝ යම් මූල්‍ය ආයතනයක් වගේ තුන්වෙනි පාර්ශවයක් හරහා තමයි යම් ගනුදෙනුවක් හෝ හුවමාරුවක් කරන්න වෙන්නේ ඔයාලට පහල තියෙන රූපයෙන් පැහැදිලි වෙයි කොහොමද Decentralized Network සහ Decentralized Network ක්‍රියාත්මක වෙන්නේ කියලා.
ඔයාල හැමෝම දන්නවා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් අපට අතින් අල්ලන්න පුලුවන් ඒ වගේම අපට මේ මුදල් අපේ Wollet එකේ දාලා තියාගන්න පුලුවන් මේ මුදල් මම කලින් කිව්වා වගේ Central Authority එකකින් තමයි පාලනය වෙන්නේ ලංකාවේදී නම් මහ බැංකුව තමයි මේ මුදල් පාලනය කරන්නේ සහ ඒවාට අදාල නීති පනවන්නේ. මේ මුදල් රටක් තුල පැවතිය යුතු නිශ්චිත ප්‍රමානයක් නොමැති අතර පවතින රජයේ අවශ්‍යතාව මත මුදල් මුද්‍රනය කරනු ලබනවා Cryptocurrency ගත්තාම මෙයට හාත්පසින්ම වෙනස් විදිහකට තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙතනදී අපටCryptocurrency අතින් අල්ලන්න හෝ දකින්න විදිහක් නැහැ ඒකට හේතුව තමයි Cryptocurrency ක්‍රියාත්මක වෙන්නේ Digital Method එකකට වීම.
මෙතනදි අපට Cryptocurrency හා ගනුදෙනුවක් හෝ හුවමාරුවක් කරන්න Digital Equipment එකක් සහ Internet සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. පාලනය කරන්නේ භාවිතා කරන අය විසින්මයි ඒ වගේම තමයි Cryptocurrency වලට Network එක තුල පැවතිය හැකි උපරිම ප්‍රමානයක් තියෙනවා උදාහරනයක් විදිහට Bitcoin අරගත්තොත් තියෙන්න පුලුවන් මිලියන 21 ක් විතරයි. ඒ වගේම තමයි අපිට Cryptocurrency වල ආයෝජනය කරන්න Exchange එකකට සම්බන්ද වෙන්න ඕනා Exchange නම් බොහෝ ප්‍රමානයක් තියෙනවා ඒඅතරින් මම නම් තෝරගෙන තියෙන්නේ Binance කියන Exchange එක.
මම ඔයාලට කලින් කිව්වා ලංකාවේ භාවිතා වෙන මුදල් වලට නීති පැනවෙන විදිහ ගැන මේ වගේ පැහැදිලිව පැනවුන නීති පද්දතියක් Cryptocurrency වලට නැති උනත් ක්‍රියාත්මක විය යුතු ක්‍රමයක් Cryptocurrency වලට තියෙනවා උදාහරනයක් විදිහට Bitcoin ආරම්භයේ ඉදිරිපත් කල White Paper එක දක්වන්න පුලුවන් නමුත් යම් රටක Cryptocurrency ක්‍රියාත්මක කරන්න අනුමැතියක් සහ පැනවුන නීති පද්දතියක් අවශ්‍ය කරනවා දැනට ඇමරිකාවේ මේ සදහාම වෙන් උන ආයතනයක් පවා තිබෙනවා නමුත් ලංකාව තුල තවම නීත්‍යනුකූල අනුමැතියක් ලබාදීලා නැහැ. මේ වන විට මහ බැංකුව ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා Cryptocurrency හරහා කරන කිසිම ගනුදෙනුවකට වගකිමක් දරන්නෙ නැහැ කියලා. ඒ වගේම Cryptocurrency තහනම් කරලත් නැහැ ඒ කියනනේ Cryptocurrency වල ආයෝජනය කරන්න හෝ ආයෝජනය කරන්න එපා කියන්නෙ නැහැ.
මේ හේතුව නිසා අපහසුතාවයට පත්වෙන්නේ ලංකාව තුල ඉදන් Cryptocurrency වල ආයෝජනය කරන අයයි. පහුගිය කාලයේ කතාවක් සිදු වුනා Port City එක තුල Cryptocurrency බාවිතයට ඉඩ ලබා දීමක් සම්බන්ධව. අපි බලමු ඉදිරි කාලයේ මොන විදිහට මේ දේවල් ලංකාව තුල ක්‍රියත්මක වේවිද කියල.
ඉතින් මේ විදිහට ලංකාව නීත්‍යනුකූල අනුමැතියක් නොමැතිකම නිසා සමහර පුද්ගලයින් Cryptocurrency වැරදි විදිහට භාවිතා කරල වංචනිකව පුද්ගලයින්ව රවට්ටනවා පසුගිය දිනක OnmaxDT කියන ආයතනය මහ බැංකුව විසින් තහනමට ලක් කෙරුවා මොකද ලංකාව තුල පිරමීඩ ක්‍රමයට ආයෝජනය කරන්න තහනම් නිසා ඉතින් මේ දේවල් වලින් වෙන්නෙ රජය තවදුරටත් Cryptocurrency ගැන තියෙන අවධානය අඩුකරන එකයි ඒනිසා ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ පිරමීඩ ක්‍රම එක්ක එකතු වෙන්න එපා හරිවිදිහට Cryptocurrency වල ආයෝජනය කරන්න ඉගෙන ගන්න.
හොදයි අපි Cryptocurrency ගැන කතා කලානෙ දැන් බලමු Cryptocurrency වල තියෙන වාසි වගේම අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් වල තියෙන අවාසි ගැන
අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් ගත්තාම මේවගෙ තියෙන ලොකුම අවාසිය තමයි Inflation එහෙමත් නැත්නම් උද්දමනය ඔයාල දන්නව ඇති රටක ආර්ථිකය රදා පවතින්නේ ඉල්ලුම සහ සැපයුම මත කියලා මේ දෙක සමාන වෙන්න ඕනි ඉල්ලුමට සැපයුම දෙන්න බැරි උනාම එතන මතුවෙන ගැටලුව තමයි උද්දමනය කියන්නේ. මේක අපි භාවිතා කරන මුදල්වලට බලපාන්නෙ කොහොමද රටක අසීමිතව මුදල් මුද්‍රනය කිරීම මගින් මුදලේ අගය පහත වැටෙනවා. දියුනුවෙමින් පවතින රටක් වෙන අපිට ගොඩක් දේවල් වෙන රටවල් වලින් ආනයනය කරන්න වෙනවා. එතකොට අපට ඇමරිකන් ඩොලර් ඒ නිසයි රටක මුදල් මුද්‍රනය කිරීමට අවශ්‍ය ඩොලර් සංචිතයක් අවශ්‍ය කරන්නේ
මේ ප්‍රමානය ඉක්මවා මුදල් මුද්‍රනය කිරීමෙන් ඩොලර් වල ඉල්ලුමට සැපයුම දෙන්න බැරිවෙනවා එතකොට ඩොලර් වල අගය රුපියලට සාපේක්ෂව ඉහල යනවා. මේක රුපියල් වලට විතරක් නෙමේ හැම Fiat Currency එකකටම වෙන පොදු දෙයක් ඒ වගේම තමයි Fiat Currency හුවමාරු කරද්දී අපට තුනවෙනි පාර්ශවයක් විශ්වාස කරන්න වෙනවා ඒ වගේම කාලය ගතවෙනවා රට තුල මුදල් හුවමාරු කලත් වෙන රටකට මුදල් හුවමාරු කරද්දී ගැටළු එනවා මේ වගේ ගොඩක් අවාසි Fiat Currency වල තියෙනවා
එතකොට අපට ඇමරිකන් ඩොලර් ඒ නිසයි රටක මුදල් මුද්‍රනය කිරීමට අවශ්‍ය ඩොලර් සංචිතයක් අවශ්‍ය කරන්නේ මේ ප්‍රමානය ඉක්මවා මුදල් මුද්‍රනය කිරීමෙන් ඩොලර් වල ඉල්ලුමට සැපයුම දෙන්න බැරිවෙනවා එතකොට ඩොලර් වල අගය රුපියලට සාපේක්ෂව ඉහල යනවා මේක රුපියල් වලට විතරක් නෙමේ හැම Fiat Currency එකකටම වෙන පොදු දෙයක් ඒ වගේම තමයි Fiat Currency හුවමාරු කරද්දී අපට තුනවෙනි පාර්ශවයක් විශ්වාස කරන්න වෙනවා ඒ වගේම කාලය ගතවෙනවා රට තුල මුදල් හුවමාරු කලත් වෙන රටකට මුදල් හුවමාරු කරද්දී ගැටළු එනවා මේ වගේ ගොඩක් අවාසි Fiat Currency වල තියෙනවා.
අපි දැන් කතා කරපු අවාසි Cryptocurrency වල නැහැ ප්‍රධානම දේ තමයි මම කලිනුත් කිව්වා වගේ Cryptocurrency වලට Network එක තුල පැවතිය හැකි උපරිම ප්‍රමානයක් තියෙනවා ඒ නිසා Inflation එහෙමත් නැත්නම් උද්දමනය කියන ගැටලුව ඇතිවෙන්නෙ නැහැ මේ හේතුව නිසා අගය පහත වැටෙන්නෙ නැහැ ඒ වගේම තමයි මේ ක්‍රමයේදි හුවමාරැ සිද්ද වෙන්නේ Decentralized Network එකක එහෙමත් නැත්නම් Person to Person ක්‍රමයට නිසා තුනවෙනි පාර්ශවයක් විශ්වාස කරන්න අවශ්‍යවෙන්නෙ නැහැ ඉතාම ඉක්මනින් ලෝකය පුරා ඕනම තැනකට හුවමාරැ කරගන්න පුලුවන් ඒ වගේම තමයි භාවිතා කරන තාක්ෂනය ආරක්ෂාව කියන කරැනු මේකේ වාසි විදිහට දක්වන්න පුලුවන්. මේ හේතු නිසා Cryptocurrency අද වන විට ලෝකය පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් යනවා ඒ නිසා Cryptocurrency රට රටවල් වල පිලිගන්න එදිනෙදා භාවිතා කරන currency එක බවට අනාගතයේ පත්වෙන බව ස්තීරයි ඒ නිසා ඔයාලට කියන්නෙ දැන්ම Cryptocurrency එක්ක එකතු වෙලා ආයෝජනය කරන්න හැබැයි මතක තියාගන්න හරි විදිහට ඉගෙනගෙන ආයෝජනය කරන්න පටන් ගන්න නැත්නම් ඔයාගෙ වටිනා කාලය වගේම මුදලුත් විනාශ වෙලා යයි.