Cryptocurrency Wallet

Bitcoin සහ Cryptocurrency Walltet එකක වැදගත් කම සහ Walltet එකක් සදා ගන්න ආකාරය

Published on

ඔයාට Sure ද Binance Account එකෙ තියෙන Cryptocurrency 100% ආරක්ෂිතයි කියල. නෑ.. ඔයා මේ Article එක කියවල ඉවර වෙද්දි තෙරුම් ගනියි Binance Account එකේ  තියෙන Cryptocurrency 100% ආරක්නෑෂිත නෑ කියල.

ඉතින් අද අපි කතා කරනවා Cryptocurrency Wallet ගැන. අපි  මුලින්ම හඳුනා ගමු මොකක්ද මේ Cryptocurrency Wallet එකක් කියන්නේ කියල. ඉතින් cryptocurrency wallet එකක් කියන්නෙත් නිකන් හරියට අපේ Bank Account එකක Online Account එක වගේ… ඉතින් හිතන්නකෝ Online Bank Account එකට තියෙනවා Account Number එකක් ඒ වගේම අපේ Account එකට Log වෙන්න Password එකකුත්. 

ඉතින් ඒ වගේම තමා cryptocurrency wallet එකකටත් Bank Account Number එක වගේ එකක් තියෙනවා ඒකට අපි කියන්නෙ Public Key කියල.  ඒ  වගේම Password එකක් තියෙනවා ඒකට කියන්නෙ Privet Key කියල. 

ඉතින් අපේ මේ Public Key එක අපට පුළුවන් අනික් අයත් එක්ක Share කරගන්න ඒ  හරහා අපට පුළුවන් Cryptocurrency අපේ Wallet එකට ලබා ගැනීමට. අපි මේ Public Key එකට Wallet Address එක කියලත් හඳුන්වනවා. මීළඟට අපි බලමු අපේ Privet Key එක කියන්නෙ මොකක්ද කියල.  ඒක Online Bank Account එකේ Password එක වගේ. අපි ඒක කාත් එක්කවත් Share කරගන්නේ නෑ. ඉතින් Privet Key එකේ access එක වෙන කාට හරි හම්බුනොත් අපේ Wallet එකේ Access එකත් ඒ කෙනාට හම්බෙනවා. ඉතින් Wallet එකේ Private Key එක අපි පුළුවන් තරම් රහසිගතව තියාගන්න අවශ්‍යයි. හරි දැන් මං ඔයාලට පෙන්නන්නම් මේ Public Key එකයි ප්‍රයිවට් Key එකයි මොන වගේද කියල මෙම පින්තූරෙ බලන්න ඔයාලට එතකොට මේ Key එකයි Private Key එකයි මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන්. 

මේ මොහොතේ දිත් ලොකය පුරා ඩොලර් මිලියන, බිලියන ගණන් වල ටිනාකමකින් යුතු Cryptocurrency හුවමාරුවෙමින් පවතිනවා.  ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ, මේ Wallet එකක ආරක්ෂාව රඳා පවතින්නේ මේ Private Key එක මත කියලා. මේ Private Key එකේ ආරක්ෂාව පදනම් කරගෙන Cryptocurrency Wallet වර්ග දෙකකට වෙන් කරනවා. 

1. Hot Wallet 

2. Could Wallet

මේ විදිහට Wallet  වර්ග දෙකකට බෙදන්නේ Private Key එක අන්තර්ජාලයට සම්බන්ධ වෙලාද නැද්ද කියන එක පදනම් කරගෙන. යම්කිසි ආකාරයකින් Private Key එක අන්තර්ජාලයකට සම්බන්ධ වනවානම් එහි ආරක්ෂාව අවදානමකට ලක්වනවා. නමුත් Private Key එක අන්තර්ජාලයට සම්බන්ධ නොවන තාක් ආරක්ෂාව තවදුරටත් තහවුරු වෙනවා. 

අන්න ඒ විදිහට තමා Cryptocurrency Wallets  වර්ග කරන්න පුළුවන් වෙන්නෙ. Cryptocurrency Wallet එකකට ලොග් වෙන අවස්ථාවේදී Cryptocurrency Wallet එකේ Privet Key එක  මොනයම් ආකාරයකින් හරි අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් එම Wallet එක Hot Wallet Category එකට අයිති වෙනවා. ඒ  වගේම Cryptocurrency Wallet වෝලට් එකේ Private Key එක කිසිම ආකාරයකට ඍජුව හෝ වක්‍රව අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ නැත්නම් එම Cryptocurrency Wallet එක අයිති වෙන්නේ Cold Wallet කාන්ඩයටයි. 

ඉතින් අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Cryptocurrency Wallet බොහෝමයක් අයිති වෙන්නේ මේ Hot Wallet කාණ්ඩයටයි. ඒවගේම තමයි අපේ Wallet එකක Private Key එක අපි ලඟ නැත්නම් අපේ Wallet එකේ ආරක්ෂාව අපට තහවුරු කර ගැනීමට හැකියාවක් ඇත්තේම නෑ. 

ඔන්න දැන් තමා අපි Topic එකට එන්නෙ බොහො දෙනෙක් දැනට පාවිච්චි කරන Binance Cryptocurrency Exchange එකේ Wallet  එකට අදාල Privet Key එක පවා අපි ලග නෑ. 

ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද අපේ Binance Exchange එකේ තියෙන Crypto වල ආරක්ෂාව පතා කොච්චර අඩුයිද කියල. ඉතින් ඒ නිසා Trade කරන Cryptocurrency පමනක් Binance Account එකේ තබාගෙන අනෙක් සියලුම Cryptocurrency ආරක්ෂාව වැඩි වෙනත් Cryptocurrency Wallet එකක තබා ගැනීම නුවණට හුරුයි. මොකද Binance Exchange එකට මොනව හරි උනොත් ඔයාගේ Cryptocurrency සියල්ල නැත්තටම නැතිවීමේ සම්භාවිතාවය ගොඩක් ඉහළයි. මොකද Binance කියන්නේ වොලට් එකක් නෙමෙයි.  cryptocurrency exchange එකක්. අඩුම තරමේ Private Key එකවත් ඔයා ලඟ නෑ.

මීට කලින් බන්කොලොත්(Bankrupt) වෙච්ච Cryptocurrency Exchange විදිහට 

  • Mt. Gox 
  • Cryptopia
  • FTX

අපි මීළඟ Article එකකදි කතා කරමු මේ Hot Wallet එකක් සහ Cold Wallet එකක් සාදාගන්නා ආකාරය පිළිබදව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Exit mobile version