Cryptocurrency Wallet

Trust Wallet(Hot Wallet) – Cryptocurrency Wallet එකක් සාදා ගනිමු

Published on

අපි මේ වීඩියෝ එකෙ කතා කරන්නෙ Trust Wallet එක ගැන. කලින් වීඩියෝ එකේ කතා කරපු වලට Wallet වර්ග දෙකෙන්  Hot Wallet කාණ්ඩයට අයත්වන Wallet එකක් තමා Trust Wallet එක කියන්නේ. අපිට ලේසියෙන්ම Play Store එකෙන් හරි App Store එකෙන් download කරගෙන මෙක පාවිච්චි කරන්න පුළුවන්. 

මෙතනදි අපට  Private Key එක ලබාගත හැකි නිසා අපේ Wallet එකේ සම්පූර්ණ අයිතිය සහ පාලනය අපි අතේ තියෙන්නේ. 

Trust Wallet එක download කරගෙන Open කරගත්තහම පහල පලමු රූපයේ විදිහට Button එකක් එනවා Get Started කියල.  ඒක ලබා දීලා මීලග පියවරේදී ඔයාලට Option දෙකක් ලබා දෙනවා. 

  1. Create New Wallet
  2. Add existing Wallet

මෙතනින් අපි පළවෙනි option එක විදිහට create a new wallet ලබා දෙනවා. මෙතැනදී ඔයාලට password එකක් ටයිප් කරන්න වෙනවා. ඉතින් අංක හයක password එකක් මෙතනට ලබා දෙන්න. දෙවන වරටත් එම Password එකම ලබා දී මට ඉස්සරහට ගියහම ඉහත තුන් වන රූපයේ විදිහට Backup Secret Press කියලා Backup manually සහ Backup to iCloud කියලා තෝරන්න ඔප්ෂන් දෙකක් ලබා දෙනවා(Android වලදි නම් Backup to Google Drive ලෙස දක්වාවි ). එතනින් Backup Manually Option එක ලබා දෙන්න.

මෙතනදී එන option තුනටම Tick තුනක් දාලා continue Button එකෙන්  ඉස්සරහට යන්න.

දැන් ඔයාලට ඉහත දෙවන රූපයේ ලෙස ඔයාලගේ private key එක විදිහට වචන දොළහකින් සමන්විත secret phrase එකක් බලාගැනීමට පුළුවන් වෙනවා. මෙන්න මේ වචන 12 හරියටම කොලයක ලියාගන්න. මේ වචන 12 නැති වුනොත් ඔයාට ඔයාගේ  Wallet එකට සම්බන්ධ වීමේ හැකියාව එහෙමත් නැත්තන් Log වීමේ හැකියාව නැතිව යනවා. යම්කිසි  විදිහකට ඔයාගේ Phone එක නැති වුනොත් හරි app එක delete උනොත් ඔයාට මේ රහසිගත වචන 12 පාවිච්චි කරලා ඔයාගේ Wallet නැවත ලබාගන්න පුළුවන්. හරි වචන දොළහ ලියා ගත්තා නම් එනින් පහල තියෙන බටන් එකෙන් ඉස්සරහට යන්න. 

දැන් වචන 12 හරියට ලියා ගත්තද කියලා තහවුරු කර ගැනීම සඳහා නැවතත් අහඹු විදිහට වචන හතරක් ඔබගෙන් අසනවා එම වචන නිවැරදිව ලබා දී Confirm ලබා දෙන්න. දැන් ඔයාලා Wallet එක සාදාගෙන අවසානයි.

ඔයාලට පුළුවන් Trust එක හරහා දැන් cryptocurrency ලබා ගැනීම සහ තවත් කෙනෙකුට යැවීමට. ඉතින් Trust Wallet එක කොයින් එකකට වඩා සපෝට් කරන නිසා Multi Coin Wallet එකක් විදිහට හඳුනා ගන්නත් පුළුවන්. 

දැන් අපි බලමු කොහොමද අපේ Trust Wallet එකට exchange එකක ඉඳලා හරි වෙනත් wallet එකක සිට Cryptocurrency එකක් එවන්නේ කොහොමද කියලා. මෙතන ඔයාලට පේනවා ඇති Receive කියල Option එකක් තියෙනවා එතන ක්ලික් කරලා ලබාගැනීමට අවශ්‍ය Cryptocurrency එක Select කරල අදාල QR එක හෝ ඊට පහලින් ඇති ඇඩ්රස් එක කොපි කරගෙන ඔයාට Cryptocurrency එවන්න ඉන්න කෙනාට යැවිය යුතුයි. හොඳට මතක තියාගන්න ඔයා මෙතනදි තෝරන Cryptocurrency එකමයි අනෙක් පැත්තෙන්  එවන්න ඕනේ බැරි වෙලාවත් වෙන Cryptocurrency එකක් එව්වොත් ඔයාට සහ එවන කෙනාට ම ඒ Cryptocurrency එක නැති වෙනවා. ආයෙ Recover කර ගන්ක බෑ. 

උදාහරණයක් විදිහට අපි මෙතැනදී XRP Coin එක සිලෙට් කරලා ඒ ඇඩ්රස් එකට Bitcoin එව්වොත් ඔයාට සහ ඒ එවන කෙනාට දෙන්නටම ඒ Bitcoin නැතිවෙනවා. 

හිතන්න මොකක් හරි හේතුවක් හින්දා අපේ  phone එක නැති වෙනවා නැත්නම්  අපේ ඇප් එක හරි ඩිලීට් වෙනවා. එතකොට අපිට පුළුවන් නැවතත් Trust Wallet App download කරලා අපට මුලින් ලැබුණු option  දෙකෙන්  දෙවෙනි option එක වෙන Add existing wallet කියල තිබ්බ option එක select කරලා, අපේ secret phrase එක මේ විදිහට type කරල අපේ wallet එක නැවත recover කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Exit mobile version