Connect with us

INVESTING LK

Cosmos(ATOM) Coin අවධානය ලබා දිය යුතු සාර්ථක Cryptocurrency එකක්

Cosmos(ATOM)

Cosmos(ATOM) Coin අවධානය ලබා දිය යුතු සාර්ථක Cryptocurrency එකක්

අද ලිපියෙන් විස්තර කරන්නේ  Atom coin එක ගැන. මේ coin එක Cosmos atom coin කියලත් හදුන්වනවා. ඔයාලා දන්නවා දැනට Bitcoin එක $50,00 ක් සීමාව පසු කරලා මේ විදිහට Bitcoin එක මිල ඉහළ යනකොට Altcoin Sicion එකක් එනවා කියලා  Crypto Market එක ගැන දන්න අය දන්නවා. දැනටමත් ගොඩක් Coin වල මිල ඉහළ ගිහින් තියෙන්නේ. ඒ වගේ ම ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙකින් Solana coin එක ගැන කථා කළා. ඒ වෙනකොට මේකේ මිල $80වකට වගේ තිබුණේ.මේ වනකොට $170වකට  මිල ඉහළ ගිහින් තියෙනවා. මගේ ලිපිය බලලා ඔයාලට මේ Coin එක buy කළා නම් මේ වනකොට දෙගුණයට වඩා ලාභාගෙන ඔයාලට Solana Coin එක Miss උනා නම් තවත් ඒ වගේ ම අවස්ථාවක් තමයි අද මේ කථා කරන Atom Coin එක.

Atom coin එක run වෙන්නේ Cosmo Blockchain එකේ මේ Blockchain එක ආරම්භ වෙලා තියෙන්නේ 2014 දී  Jae Kwon සහ Ethan Buchman කියන පුද්ගලයෝ දෙන්නා තමයි මේ blockchain එක ආරම්භ කරන්න මුල්වෙලා තියෙන්නේ. ඒ වගේ ම Switzerland වල The Interchain foundation කියන ආයතනයක් මෙයාලට උදව් කරලා තියෙනවා. මෙයාලා 1වෙනි වතාවට 2017 දී ICO වටයක් පවත්වලා $මිලියන 17ක් එකතු කරලා තියෙනවා.මේ විදිහට තමයි මෙයාලා ආරම්භය අරන් තියෙන්නේ.

මේ Blockchain එක හදුන්වා දී තිබෙන්නේ Internet Of Blockchain කියලා ඒ කියන්නේ මෙයාලාගේ මූලික අරමුණ වෙන්නේ blockchain Network අතර Communication එකක් පවත්වා ගැනීමට Cosmos blockchain එක හරහා අවස්ථාවක් ලබා දීමයි. ඒ වගේ ම තමයි මම කලින් Solana coin එක ගැන කතා කරද්දී කිව්වා මතක ඇති Solana Blockchain එක Run වෙන්නේ Ecosystem එකක් තුළ කියලා. ඒ වගේ ම  තමයි Cosmos blockchain එකක් run වෙන්නේ Ecosystem එකකට.

ඒ වගේ ම තමා ඔයාලට මතක ඇති  මම ලිපි ගනනාවක් ම සදහන් කළා ප්‍රධාන Crypto coin  වල තියෙන දුර්වලතා මෙතන දී මේ Coin transition Validate කරන්න භාවිතා කරන ක්‍රමය නිසා අධික බල ශක්තියක් වැයවීම හා පරිසර විනාශය සිදු වීම Transition කරන්න. ගතවන කාලය වගේ ම මේ Coin වල Transaction fee එක ගොඩක් වැඩි වීම කියන කරුණු දක්වන්න පුළුවන්. මේ හේතු නිසා බොහෝමයක් blockchain  මේ දුර්වලතා මග හැර කටයුතු කරන බවත් මම සදහන් කළා. blockchain එක Transition validate කරන්න use කරන්න භාවිත කරන්නේ Proof stake කිකන ක්‍රමයයි. ඒ වගේ ම තමයි මෙයාලාගේ Transition Speed එකTranstion එකකට තත්පර 7ක් වගේ පුංචි කාලයක්. මෙයාලගේ Transaction  fee එක $0.01 වගේ අඩු ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.

Solana Blockchain එක වගේ ම Cosmos Blockchain එක තුළත් Project bulide කරන්න අවස්ථාව  ලබා දීලා තියෙනවා. මෙයාලා මෙතන දී SDK  කියන  තාක්ෂණික ක්‍රමය හරහා තමයි මේ අවස්ථාව ලබා දීලා තිබෙන්නේ.දැනට Projet 249 මේ Blockchain එක උඩ Run වෙනවා බලා ගන්න පුළුවන්. දැනට ලෝකය පුරා ජනප්‍රිය Project කිහිපයක් ම මේ අතර තියෙනවා. ඒ වගේ ම තමයි Cosmos hub කියන Wallet එකක් මෙයාලා හදුන්වා දීලා තියෙනවා. දැනට තිබෙන ඕනෑ ම Blockchain එකකට පහසුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව මේ තුළින් සපයලා තියෙනවා.

Cosmos Blockchain එක හදුන්වා දෙන Cryptocoin එක තමයි Atom coin එක කියලා හදුන්වන්නේ. මේ Coin එක 2019 04 වැනි මාසේ තමයි Cryptocurrency Exchange  වල list කරලා තියෙන්නේ. ඒ වෙනකොට මේ Coin එකේ මිල $4.5 කියන සීමාවේ තමයි තිබුණේ. දැන් අද වනකොට මිල $5 සීමාවේ රැදිලා තියෙනවා. ඒ වගේ ම තමයි දැනට මාස කීපටකට කපින් $3 වගේ මිලක් තමයි මේ Coin එකට තිබුණේ. දැන් මේ වනකොට Atom coin එක Bull run එකක් අරගෙන තියෙනවා.

Atom coin එකේ Total supply එක විදිහට සදහන් වෙන්නේ මිලියන 278 විදිහට. දැනට මිලියන 220ක් Market එකට නිකුත් කරලා තියෙනවා. මේ coin එකේ Market  cap එක $ බිලියන 5.8ක් විදිහට තමයි සදහන් වෙන්නෙ. World rank එක විදිහයට 30වැනි තැන මෙයාලා හිමි කරගෙන තියෙනවා. දැනට Cryptocurrency පිළිබද දැනුමක් ඇති පුද්ගලයෝ මේ Coin එක 2025 දී $100 සීමාවට ලගාවෙයි කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.

මෙතන දී මට ඔයාලට නැවත මතක් කරන්න තියෙන්නේ Solana coin එක Miss උන අයට තවත් හොද අවස්ථාවක් තමයි මේ Atom coin එක. තවමත් ඔයාලා ප්‍රමාද නැහැ. දැන් මේ Coin එක මිල දී ගන්න හොද කාලයක් විදිහය තමයි මම නම් දකින්නේ. කොහොම උනත් Coin එකේ මිල ඉහළ යාම පිළිබද මගේ මතය ඔයාලට පහළ Chart එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි.

Salinda C is a passionate cryptocurrency enthusiast and experienced writer specializing in blockchain technology, digital currencies, and the evolving crypto market. With a keen eye for market trends, Salinda C provides insightful, well-researched content to help readers stay informed about the latest developments in the world of crypto. Dedicated to delivering accurate news and in-depth analysis.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Cosmos(ATOM)

To Top